අද රටටම කළුවරේ ඉන්න වෙයි? දැවැන්ත උද්ඝෝෂණ කිහිපයක්..

Sri Lanka Strike Gotabaya Rajapakshe Electric Bord Postal service Picketing
By Aruna Dec 08, 2021 01:27 AM GMT
Aruna

Aruna

Report

විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකරන බව විදුලි වෘත්තිය සමිති පවසනවා.

ඒ අනුව අද (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළා.

මීට අමතරව වැටුප් ගැටලුව මුල් කර ගනිමින් අද දිනයේදී තැපැල් සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිත බව තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළා.

එමෙන්ම සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද දිනය තුළ වයඹ පළාතේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් වන අතර හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මේ බව මාධ්‍ය වෙත සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now