ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්
By R.rishma
ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද(14) පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙම ජල කප්පාදුව, රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන ප්‍රදේශ වල සිදුවන අතර පහත සඳහන් ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ලබයි.
එයට අනුව නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝන්ගස්දෙණිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකාදෙණිය, රන්පොකුණුගම, රන්පොකුණුගම නව නිවාස යෝජනා ක්‍රමය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන ,මාතලාන, හග්ගල්ල, කලල්පිටිය, ඇල්ලමුල්ල, බටලීය, මාඉඹුල, මාතලාන, අලවල යන ප්‍රදේශ වල මෙම පැය 10ක ජල කප්පාදුව සිදුවන බවවාර්තා වේ.