හිටපු ඇමති පියසේන ගමගේ ළඟදී අත්අඩංගුවට?
CID - Sri Lanka Police
Piyasena Gamage
Latest Headlines
Sinhala news
gagana news
By Shehan
හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ වත්කම් ඉපයීමේදී මතුව ඇති අපැහැදිලිතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ(13) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත.
ඔහු ආදායමට වඩා වත්කම් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකර ඇති අතර, ප්‍රශ්න කිරීම්වලදී ගමගේ මහතාගේ ආදායම් සහ වත්කම් සම්බන්ධ වාර්තා ද CID විසින් ලබාගෙන තිබේ.
පියසේන ගමගේ මහතාට අයත් බවට සැකකෙරෙන ඉන්ධන පිරවුම්හලක් ඇතුළු දේපළ රැසක්, වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබී ඇති බව CID හි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම විමර්ශනය තවදුරටත් සිදුකරන බවත්, එම දේපළවල සැබෑ හිමිකරු ගමගේ මහතා බවට තහවුරු වුවහොත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් CID නිලධාරීහු පවසති.