ඇමති සාකච්ඡා අසාර්ථකයි සෞඛ්‍ය වර්ජනය දිගටම

PHI strike Pavithra wanniarachchi health units S.M.Chandrasena
By Sewvandhi Jul 06, 2021 03:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තිය සමිති සහ විෂයභාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම වෘත්තිය සමිති පවසනවා.

එමෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ඊයේ පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද සෞඛ්‍ය වෘත්තිය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුවුවද නිශ්චිත තීරණයකට නොපැමිණි බවයි.

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින් පරිපූරක, අතුරු වෛද්‍ය සේවා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ පෙරවරුවේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළ අතර, මේ සම්බන්ධයෙන් පස්වරුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ වෘත්තිය සමිති සාකච්ඡාවක නිරතවුණා.

එහිදී කිසිදු නිශ්චිත තීරණයක් ගැනීමට සෞඛ්‍ය ඇමතිනිය අපොහොසත් වූ බවයි වර්ජනයේ නිරත වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට බඳුන් වූ බවයි.

මේ අතර කැබිනට් මණ්ඩලයට සිය ඉල්ලීම් ඉදිරිපත් වී අනුමැතිය ලැබී නොමැති නම් ඉදිරියේදී යළිත් වර්ජනයකට යාමට සූදානම් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now