වෘත්තීය සමිති 1000 ක් අද රට පුරා කරන්න යන දැවැන්ත වර්ජනය මෙන්න.

Drum Stick Sri Lanka
By Aruna Apr 28, 2022 12:58 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු ක්ෂේත්‍ර රැසක් අද පැවැත්වෙන දීප ව්‍යාප්ත වර්ජනයට සහය පළ කර තිබෙනවා.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ප්‍රකාශ කළේ, වරාය, දුම්රිය, සෞඛ්‍ය, බැංකු, වතු, ගුරු විදුහල්පතිවරු මෙන්ම,

වෙළඳ කලාප ඇතුළු පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩ වර්ජනයට සහය පළ කර ඇති බවයි.

රට තුල උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව පලවා හරිමු යන තේමාව යටතේ මෙම වර්ජනය සිදුකෙරෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද ඊයේ පස්වරුවේ නිවේදනය කළේ, මෙම වර්ජනයට සමගාමීව තම සංගමය ද අද උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවයි.

එමෙන්ම, වර්ජනයට සහය පළ කරමින් අද උදෑසන 9.30 සිට 11 දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සංගමයේ සහයෝගය පළ කරන බවයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මෙන්ම, රේගු දෙපාර්තමේන්තුව තුල ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක දියත් වනවා.

අද පැවැත්වෙන දිප ව්‍යාප්ත වර්ජනය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ද නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ හෙට දිනයේදී කළුකොඩි ඔසවා සිය ව්‍යාපාරික ස්ථාන වසා දමන ලෙසටයි.

මේ අතර, ගුරු විදුහල්පතිවරුන් ද මෙම වර්ජනයට එක්වනවා.

වර්ජනයට සහය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ කියා සිටියා.

කෙසේ වෙතත්, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ දුම්රිය සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ හෙට දිනයේදී ධාවනයට එක් කෙරෙන බවට එම වෘත්තීය සමිති දැනුම්දී ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් ද විමසා සිටි අතර ඔහු පැවසුවේ හෙට දිනයේ බස් ධාවනය කිරීම පිලිබඳ අභිමතය සිය සංගමයේ සාමාජිකයින්ට පවරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now