නිවසක් තුළ නිධන් හෑරු පිරිසකට සිදු වූ දේ..

STF Sri Lanka
By krishani Aug 29, 2022 01:54 AM GMT
krishani

krishani

Report

ඊයේ (28) දිනයේ දී මැණික්හින්න ප්‍රදේශයේ දී විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී අයුරින් නිවසක් තුළ නිධන් හෑරූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී නිධන් හෑරීමට භාවිත කරන ලද WIPRO වර්ගයේ රොටරි හැමර් 01ක්, EINHELL වර්ගයේ හිල්ටි හැමර් 01ක් ඇතුළු තවත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනුණු අතර මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් මැණික් හින්න, ජා ඇල, හඳගනාව, කෙන්ගල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32,36,37 සහ 41 යන වයස්වල පසුවන්නන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha