දකුණ හෙල්ලූ මහා පරිමාණ අපරාදකරුවෙකු බඩුත් එක්ක කොටු වෙයි..

Police Mathara Southern provincial STF arrested
By Aruna Oct 21, 2021 06:23 AM GMT
Aruna

Aruna

Report

විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (20) දින තිහගොඩ, යටියන, කැකණඳුර මාර්ගයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 7760ක්, බෝර 12 ගිනි අවියක්, ගිනිඅවියට යෙදිය හැකි උණ්ඩ 10ක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කර, උපයන ලද රුපියල් 20,000ක මුදලක් සහ විවිධ අපරාධ සිදු කිරීමට යොදා ගත්තේ යැයි ' පොලීසිය විසින් සැක කෙරෙන සැකකරුට අයත් මෝටර් රථයක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරු විවිධ අපරාධ රැසකට සම්බන්ධ වූවෙකු බවත්, සැකකරුට එරෙහිව ඇති චෝදනා අතර, පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීම, පුද්ගලයින්ට පහරදීම හා කාන්තාවන් බලෙන් පැහැරගෙන යාමට අදාළව මීට පෙර ද අධිකරණයෙහි නඩු පවරා ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

කෝට්ටවත්ත, යටියන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු 26 හැවිරිදි වන අතර, මීට ඉහත අවස්ථා කිහිපයකදී ද තිහගොඩ පොලීසිය, පොලිස් විශේෂ කාර්යාංශය හා කොට්ඨාස බුද්ධි ඒකකය මගින් මෙන්ම අපරාධ අංශය හා දූෂණ මර්දන ඒකකය විසින් ද අදාළ සැකකරුගේ නිවස සෝදිසි කිරීම්වලට ලක් කර තිබෙනවා.

මෙම සැකකරු විසින් ඔහු පිළිබඳ පොලිස් ස්ථාන වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයින් හට පහර දීම් ද සිදු කර ඇති අතර, මීට ඉහත දී ඔහුගේ වැඩිමහල් සහෝදරයෙකු අයිස් නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.