නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයට මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට සාකච්ඡා

Report

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගියදා දී පැවැත්විය

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදීය.

මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත තිබේ .

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ඩිජිටල් අර්ථීක නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විඡේසුරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, විෂයට අඳාළ විශේෂඥයින් ඇතුළු පිරිසක් ද මෙම විශේෂ සාකච්ජාව සදහා සහභාගී වී ඇත.

අ.පො.ස උසස් පෙළ වෙනුවෙන් අද සිට වි‍ශේෂ ප්‍රවාහන සේවා

අ.පො.ස උසස් පෙළ වෙනුවෙන් අද සිට වි‍ශේෂ ප්‍රවාහන සේවා

 මෙම සාකච්ඡාවේ දී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය (2026- 2035) සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සරිලන ආකාරයට ඩිජිටල් පරිවර්තනය ලක්කිරීමේ හැකියාව පිළිබඳව විමසා බලන ලදි.

ඒ වගේම ඒ සඳහා අනුගමනය කළ යුතු කෙටි කාලීන සහ දිගු කාලීන ක්‍රමවේදයන් පිළිබඳවත් ඉතා පුළුල්ව සාකච්ජාවට බදුන් කර තිබේ.

  මෙම සාකච්ජාවේදී

ඩිජිටල්කරණය සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම,

ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

ඒ සදහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති (HIQI, HSEP, PHSEP) අනුගතකර ක්‍රියාත්මක කිරීම

ඩිජිටල් පරිවර්ථනය සඳහා ප්‍රධාන සංකල්ප සහ අවශ්‍යතා

මෙහෙයුම් කමිටු සංකල්ප

කෙටුම්පත් සංකල්ප සහ අපේක්ෂිත ප්‍රතිඵල

ආදිය පිළිබද සාකච්ජාවට ලක්කර තිබේ.

තවද  දත්ත සුරක්ෂිතව ගබඩාකර තබා ගැනීම ,මෙම කාර්ය කාර්යක්ෂමව සිදුකිරීම සදහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය ,පුහුණුවීම් පිළිබදවද  සාකච්ජා කර තිබේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් ඉහත කරුණුවලට අදාළ කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කිරීම මෙහි දී සිදුකර ඇත.  

පාසල් දරුවන් තම ශරීරය ගැන දැනගන්න ඕනේ - පෙළ පොතේ ලිංගික අධ්‍යාපනය දාපු හේතුව කියන අගමැතිනි

පාසල් දරුවන් තම ශරීරය ගැන දැනගන්න ඕනේ - පෙළ පොතේ ලිංගික අධ්‍යාපනය දාපු හේතුව කියන අගමැතිනි