"උදේට වාහන ස්ටාර්ට් කරලා බලද්දී ස්ටාර්ට් වෙන් නෑ.." කාටත් නොදැනෙන්න හොර රහසේ කරගෙන ගිය ජාවාරම - මේ ගැනත් අවධියෙන් සිටින්න.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 05, 2023 10:12 AM GMT
krishani

krishani

Report

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන බල ප්‍රදේශ කිහිපයකම සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

ඒ රාත්‍රි කාලයේ ගාල් කර තිබෙන වාහන වල බැටරි සොරකම් කිරිමේ ජාවාරමක් ය.

ඒ අනුව හැටන්, බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , වටවල සහ ගිනිගත්හේන යන පොලිස් බල ප්‍රදේශ වල මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙනවා.

එම ප්‍රදේශවල රාත්‍රි කාලයේ නිවාස ඉදිරිපිට , ප්‍රධාන මාර්ග අභියස ගාල් කර තැබෙන පෞද්ගලික බස් රථ , වෑන් රථ , ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් මෙසේ වාහනවල බැටරි ගලවාගෙන ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිහිපයක් ද ලැබී ඇත.

එහිදී ජාවාරම්කරුවන් ඉතා සුක්ෂම ලෙස එම වාහන වල සවි කර තිබෙන වොල්ට් 24 සහ වොල්ට් 12 බැටරි ගලවා සොරාගෙන ගොස් තිබෙනවා.

වාහන අයිතිකරුවන් කියා සිටින්නේ එලෙස රැගෙන යන බැටරි වල මිල ඉතා අධික බවත් බැටරි සොරකම් කිරිම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර ඇති බවත් ය.

උදෑසන තම වාහනය පණ ගැන්විමට යාමේදි වාහනයට විදුලිය නොලැබිම නිසා සොයා බැලිමේදි වාහනයේ සවි කර තිබු බැටරි අස්ථාන ගත වී ඇති බව දකින්නට ලැබුණු බව වැඩිදුරටත් ඔවුන් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, හැටන් පොලිසියෙන් සඳහන් කළේ වාහන බැටරි සොරකම් කිරිම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ලැබි ඇති බවයි.

එමෙන්ම එම බැටරි සොරකම් කරන පිරිස නිතියේ රැහැනට කොටු කර ගැනිම සදහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha