අගමැතිගේ ගිණුමකින් මුදල් සොරකම් කිරීම ගැන අගමැති මාධ්‍ය ලේකම් කියන අමුතු කතාව!

ATM Prime Minister Mahinda Rajapaksha Rohan Welivita
By Sewvandhi Jan 28, 2022 09:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමකින් විශාල මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සදහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකු රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යනු ලබන අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමට ලබාදී ඇති ATM කාඩ්පතක් භාවිත කර මිලියන ගණනක් වටිනා මුදල් ලබාගෙන ඇති බවට මීට පෙර මාධ්‍ය මගින් වාර්තා පළ කර තිබුණා. 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ සිය වැටුප ලැබූ ගිණුමේ ATM කාඩ්පත හරහා මෙම මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු ඔහු එම තනතුරෙන් නෙරපා හැර ඇති බවයි වාර්ත වුයේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසා ඇත්තේ එවැනි සිදුවීමක් පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය නොදන්නා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now