ඇදිරි නීතිය අවසන් වන දිනය මෙන්න…(VIDEO)

COVID 19 VACCINATION RAMESH PATHIRANA LOCK DOWN dALAS ALAHAPPERUMA
By Sewvandhi Sep 14, 2021 11:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එළඹෙන 21 වන දින දක්වා නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් එම දිනය වෙනස් වන්නේ නම් නැවත දැනුම් දෙන බවත් කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඇඳිරි නීතිය පැවැති කාලයේදී ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද පැවසූ ඔහු මෙම මස අවසන් වන විට මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් තවදුරටත් අඩු වනු ඇතැයි ද සඳහන් කළේය. ඇඳිරි නීතිය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බවද පැවසූ ඔහු එනිසා යම් ප්‍රමාණයක ලිහිල් බවක් ලබාදී ඇති බවද කියා සිටියේය.

මේ අතර,මෙරට හමුදාව සිවිල් කටයුතුවලට අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. හදිසි නීතිය යටතේ හමුදාව ඇතැම් සිවිල් කටයුතු සඳහා යෙදවීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිය අවධානය යොමු කරන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඒ බව පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (14) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

. "හදිසි නීතියේ වගන්ති දෙකක් පමණක් සංශෝධනය කරලා මේ ආහාර බෙදාහැරීම්වලට අදාළව හමුදා පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන තිබෙනවා. එන්නත්කරණ ක්‍රියාවලියේදී ඔවුන්ගේ මැදිහත්වීම ධනාත්මක ද? නැද්ද? ආහාර බෙදාහැරීම් සම්බන්ධයෙනුත් එහෙමයි. අපි එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක්. නමුත් ප්‍රායෝගිකව රට තුළ සිදුවන දේ පිළිබඳව එය දර්ශකයක් ලෙස පාවිච්චි කරලා අපි තීන්දු ගමු. හමුදාවන් විසින් අනවශ්‍ය මැදිහත්වීමක් මේ මොහොතේ සිදු නොකරන බවට අපි කාටත් පැහැදිලි සාක්ෂිකරුවන් වෙන්න පුලුවන්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now