"පරිප්පුවලයි හාල්වලයි මිල බලන්න නම් මාව පත් කළේ, ඒකෙන් වැඩක් නෑ" ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..!(VIDEO)

PRESIDENT GOTABHAYA RAJAPAKSHA AGRICULTURE BUNNAHAPOLA
By Sewvandhi Oct 23, 2021 07:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) පැමිණ සිටි අවස්ථාවේදීය.

"අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා."

එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක්ද එක්වී තිබුණි. කුලියාපිටිය උඩුබැද්දාව බුන්නැහැපොළ අක්කර 16ක් පුරා පිහිටි මෙම සාරවත් ගොවිපොළ පවත්වාගෙන යන්නේ සියයට සියයක් කාබනික පොහොර යොදා ගනිමිනි. නරක් වූ පළතුරු සහ එළවළු යොදාගෙන ඒ මත ගැඬවිලි පණුවන් වර්ධනයවීමට සලස්වා තමන්ට අවශ්‍ය පොහොර නිපදවා ගැනීමට ඔවුන් කටයුතු කරයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.