ඉහළ ගිය ජීවන වියදම හමුවේ දානය සැකසිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

economic spritual Omlape thero
By Sewvandhi Jan 05, 2022 11:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

භාණ්ඩවල මිල පාලනයක් නොමැති වීම හේතුවෙන් දායකයින් සංඝරත්නය සඳහා දානය පිළිගැන්වීමේදී ඉතා සරලව දානය සකස් කරන ලෙස ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, අවස්ථානුකූලව, බාහිර අලංකරණවලින් තොරව වෑංජනයකට දෙකකට සීමා කර දානය සකස් කරන ලෙස ය.

"මේ වෙලාවේ අපට පේන බරපතළ ම අර්බුදය තමයි භාණෟඩවල මිල පාලනයක් නෑ. මිල පාලනය කියන එක සම්පූර්ණයෙන් ම පරිපාලනයෙන් ගිලිහිලා රජයක බලයෙන් ක්‍රියාත්මක වන බවක් පේන්න නෑ. ඒ නිසා අපේ දායක දායිකාවන් දාන මානාදිය පිරිනමද්දී ත් සරල විදියට දානමානාදිය සකස් කරන්න. අවස්ථානුකූලව දානය සකස් කරන්න. වෑංජනයක් දෙකක් වැනි තත්ත්වයකට සීමා කරලා වෙනත් බාහිර අලංකරණවලින් තොරව ඉතාමත් සරලව දානය සකස් කරන්න."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha