එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරේ..සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
පොදු ස්ථානවලට පිවිසීමේදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. මේ අතර, ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 592ත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 543,385ක් දක්වා ඉහළ ගියා.
පෙරේදා සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,806ක්. මේ අතර, කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් ප්‍රකාශ කළා.
ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමඟ පැවති හමුවකදී ඔහු සඳහන් කර ඇත්තේ, එම පියවර ගනු ලැබුවේ වසංගතයෙන් තමන් ආරක්ෂා වන අතරම, අනෙක් පුද්ගලයින්ටද එය පැතිරීම වළක්වා ගැනීමේ අරමුණින් බවයි.
මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං ද එක්ව තිබෙනවා. බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත්, එය ඉදිරියේදී අනෙකුත් කණ්ඩායම්වලටද ලබාදෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මෙම හමුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, යුරෝපා රටවල් ක්‍රියාත්මක කරන පොදු ස්ථානයන් හි එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමේ වැඩපිලිවෙළ මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරතවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
