රාජ්‍ය ඇමති චන්න ජයසුමනගෙන් විශේෂ හෙළිදරව්වක්..? (VIDEO)
2015 -2019 සමයේ දී ඇතැම් ඖෂධ මිල දී ගැනීම සඳහා අසාමාන්‍ය මිලක් එවකට පැවති රජය විසින් දරා ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත අතර එම සමයේ මිල දී ගැනීමේදී ගැටලු මතු වී ඇති ඖෂධ සම්බන්ධ දත්ත පවතින බවද හෙළි වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. එම ඖෂධ සම්බන්ධ ලියකියවිලි දත්ත ගොනුවේ තිබී මැකී ඇති බවත් ඊට සම්බන්ධ පුද්ගලයින් සොයා නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා,
"ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ අතුරුදන් වීම සැලසුම් සහගතව මෙරට ඖෂධ මාෆියාව විසින් සිදුකරන ලද ක්‍රියාකාරීත්වයක් බව රජය පිළිගන්නේ ද? මෙම දත්ත අතුරුදන් වීම මඟින් බාල ඖෂධ හෝ විවිධ හේතුමත අසාදුගත කර තිබු ඖෂධ වෙළෙඳපොළට නිකුත් කිරීම මෙන්ම එකම ඖෂධය විවිධ වෙළෙඳ නාම යටතේ ආනයනය කරන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේ ද අවධානමක් පවතින හෙයින් එම තත්ත්වය වැළක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද?"
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන,
"ඖෂධ මාෆියාව මෙරට තුළ 2015 - 2019 තුළ පෙර කිසිදිනක නොවු විරූ පරිදි බලපත් විය. මේ වන විට ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසි සේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇති වූ ඉච්චාභංගත්වය අසීමිත මුල්‍යමය වාසි නොලැබීම හේතුවෙන් ඇති වු දේෂය මත දත්ත පද්ධතියට පහරදුන්නා විය හැකියි. මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන වග අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තුමේන්තුව මඟින් අනාවරණය කරමින් පවතී. මේ දත්ත මැකී යෑමේ ගැටලුව මත පැහැදිලිව ඇත්තේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාන්තික නිෂ්පාදනය නියාමනය සඳහා ඊට අදාළ පාර්ශවයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපිලේඛන, සාමාන්‍ය ඔසුසල් ලියාපදිංචිය සහ ලියාපදිංචිය අලුත් කිරීමට අදාළ ගොනු පමණයි.
පැන නැගී ඇති මෙම ගැලුව හරහා බාල ඖෂධ හෝ විවිධ ක්‍රියා හේතුවෙන් අසාදුගත කර තිබු ඖෂධ වෙළෙඳපොළට නිකුත් කිරීම මෙන්ම එකම ඖෂධය විවිධ වෙළෙඳ නාම වලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේ කිසිදු අවධානමක් ඇති වී නැත. ඒ අනුව මෙම තත්ත්වය මත දිවයින පුරා ඖෂධ හිඟවීමක් සම්බන්ධයෙන් හෝ තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් මහජනතාව ඇති කර ගත යුතු නැත.
මෙම පද්ධතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබාදීම සහ කොවිඩ් -19 වසංගතය ට අදාළ වන අත්‍යවශ්‍ය ඖෂධ හෝ වෛද්‍ය උපකරණ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව ට ප්‍රකාශ කිරීමට කැමතියි. 2015 - 2019 කාලයේ දී ඇතැයි ඖෂධ මිල දී ගැනීම සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා.
මේ ඒ වගේ ඖෂධ කිහිපයක්. කැප්ටොෆිල් සිරප් එක 5ml 2019 දී මිල දී අරන් තියෙන්නේ, රු 55,185කට. අපි ආවහම 2020 දී රු 395ට කථානායකතුමනි මිල දී ගත්තේ. 138 වතාවක් මිල ඉහළයි. ඉන්ජක්ෂන් එක රු 55,000 අරන් තියෙන්නේ, අපි ඒක රු 17,500කට ගත්තා. එමඟින් ඉතුරු වුණ මුදල පමණක් රු මි 128ක්. වේදනාව ඇතිවුණාම පස්සෙන් දාන කරල රු 165කට අරන් තියෙන්නේ. දැන් ගන්නේ රු 12කට. විපක්ෂ නායකතුමනි මේ ඖෂධ සම්බන්ධ ලියකියවිලි ටික තමයි දත්ත ගොනුවේ තිබිලා මැකුනේ. "
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |