"කොපමණ කුසගිනි දැණුනත් සිංහයෝ තණකොළ නොබුදිති" කොළඹ කුලපති හිමිගෙන් සැර ප්‍රකාශයක්..(VIDEO)

Narahenpita Colombo campus anandha thero
By Sewvandhi Dec 21, 2021 02:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ආනන්ද හිමියන් අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය.

තමන් වහන්සේ අතින් උපාධි සහතිකය බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද ආනන්ද හිමියෝ සඳහන් කළහ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බවද උන්වහන්සේ කීහ. කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 17 18 සහ 19 (පෙරේදා) පැවැත්වුණු අතර මේ සිද්ධිය ඇතිවූයේ එහි එක් අවස්ථාවකදීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now