රුපියල් ලක්ෂ 84ක විදේශීය දුම්වැටි සමඟ ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
හිටපු පොලිස් නිලධාරියෙකුත් ඒ අතර රුපියල් ලක්ෂ 84කට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි 38 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියෙකු සහ හෙට්ටිපොළ පදිංචි 54 හැවිරිදි ව්යාපාරික කාන්තාවකි.
සාජා සිට පැමිණි ප්රධාන සැකකරු ගුවන්තොටුපළේදී දුම්වැටි 35,600ක් (කාටූන් 178ක්) අඩංගු ගමන් මලු දෙකක් අතහැර පළායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රේගුව වෙත භාරදී ඇත.
ඩුබායි සිට පැමිණි ව්යාපාරික කාන්තාව දුම්වැටි 21,000ක් (කාටූන් 105ක්) සඟවාගෙන පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ඇය මේ වන විට පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔක්තෝබර් 27 වැනිදා මීගමුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.