රාජ්‍ය බැංකු සේවකයින් අද ලේක්හවුස් වටරවුම වට කරයි

Report

රට පුරා විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මැද මෙම අවස්ථාවේදී, රාජ්‍ය බැංකු සේවකයින්ද විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුගේ පියවර වහාම නැවැත්වීමේ ඉල්ලීම මුල් කරගෙන, රාජ්‍ය බැංකු සේවකයින් අද (12) දහවල් 12.30ට කොළඹ ලේක්හවුස් වටරවුම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක යෙදෙන බව දැනුම් දී ඇත.

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය වළක්වා ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාව ආරම්භ කරන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබා නොදුන්නොත්, ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වන බව එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසයි.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට විරෝධය පළ කරමින් දිවයින පුරා ක්‍රියාත්මක විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය, සැප්තැම්බර් 15 සිට වැඩ වර්ජනයක් ලෙස තීව්‍ර කරන බව විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව දැනුම් දෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස දීමනාව අද බැංකු ගිණුමට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස දීමනාව අද බැංකු ගිණුමට

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න