සමෘදි ලාභීන්ට විශේශ වාසියක්..
සියයට 28කින් ඉහළ නැංවූ සමෘද්ධි දීමනාව ප්‍රතිලාභීන් වෙත බෙදා දීම අද (14) ආරම්භ කෙරුණි ඒ අනුව 2022 වසර සඳහා සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් රජය වෙන්කරන ලද මුළු මුදල රුපියල් මිලියන හැට පන් දහසක් වේ. මෙරට පවුල් ඒකක දාහත් ලක්ෂ හැට හත් දහසක් (1,767,000) මේ වන විට සමෘද්ධි දීමනාව ලබමින් සිටී.
රජය පසුගියදා තීරණය කළේ එම සමෘද්ධි දීමනාව මෙම මාසයේ සිට 28% කින් ඉහළ දැමිමටය. ඒ අනුව මෙතෙක් රුපියල් 3,500ක දීමනාවක් ලබාගත් පවුලකට අතිරේක රුපියල් දහසක් හිමි වේ. ඒ සමග එම පවුල් ඒකකයට අද පටන් ලැබෙන මුදල රුපියල් 4,500කි. මේ දක්වා රුපියල් 2,500ක දීමනාවක් ලබාගත් පවුල් ඒකකය ට අද සිට අතිරේක රුපියල් 700ක මුදලක් හිමිවන අතර එනම් රුපියල් 2,500ක සමෘද්ධි දීමනාව රුපියල් 3,200ක් දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම මෙතෙක් රුපියල් 1,500ක දීමනාවකට හිමිකම් කියූ පවුල් ඒකකයට අද සිට තවත් රුපියල් 400ක මුදලක් හිමි වේ. ඒ අනුව එවැනි පවුලකට ඉදිරියට ලැබෙන දීමනාව රුපියල් 1,900කි. වැඩි කෙරුණු සමෘද්ධි දීමනාව බෙදා දීමේ ජාතික උත්සවය අද පැවැත්වුණේ බදුල්ල, මඩොල්සිම ප්‍රදේශයේදීය.
සෙසු ප්‍රදේශවල සමෘද්ධි බැංකු හා ග්‍රාම නිලධාරී කාර්යාල හරහාත් දීමනාව බෙදා දීම සිදු විය. සමෘද්ධි දීමනාව මෙලෙස ඉහළ දැමීමත් සමග රජයට වෙන් කිරීමට සිදුවන අමතර මුදල රුපියල් මිලියන 15,000කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |