වෙඩින් එකකට ගිය 600ක් රෝහලට ගිය පුවතක්..

By Sithumi Aug 18, 2022 06:22 PM GMT
Sithumi

Sithumi

Report

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ උත්සව කිහිපයක් සඳහා සහභාගි වු බව කියන 600 පමණ වූ පිරිසක් හදිසියේ රෝගාතුර වී තිබෙනවා.

එසේම එම හෝටලයක පැවති විවාහ උත්සවයෙන් පසුව මධුසමය සඳහා මැලේසියාව බලා ගිය යුවලක් මැලේසියාවේ දි රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවද සඳහන්. මීට දින කිහිපයකට පෙර එම හෝටලයේ විවාහ මංගල උත්සව තුනක් පවත්වා ඇති අතර එම මංගල උත්සව තුනට සහභාගී වූ 600ක් පමණ වූ පිරිසක් මෙලෙස වමනය, පාචනය සහ උණ රෝගවලින් පෙළීම හේතුවෙන් ඔවුන්ට රජයේ සහ පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබෙනවා. 

 ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේ වෙතත් පිරිසක් චෝදනා කරන්නේ එම හෝටලයේ වතුර ටැංකියට සර්පයෙකු වැටි සිටීම ඊට හේතුව බවයි.