අනතුරක් වැලකූ දක්ෂ නිලධාරීන්...

srilanka tranprost anura premarathna
By Nimal Jul 28, 2021 08:39 AM GMT
Nimal

Nimal

Report

දුම්රිය පිලී පැනීමක් සිදුවී ජීවිත රාශියක් දැඩි ලෙස අනතුරකට පත් වීමට තිබු අවධානම් තත්ත්වයක් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ දක්ෂකම නිසා බේරි ඇති බව දුම්රිය ආරක්ෂක සේවයෙන් වාර්තා වෙයි.

එනම් දුම්රිය මාර්ගයේ පීලි එකිනෙක සවිවෙන ස්ථානවල ඇති පැනරොල් ක්ලිප් නොහොත් පීලි දෙක එකට සවිකර තිබෙන ලොක් එකට දමා ඇති වානේ ඇන ගලවමින් සිටි සැකකරුවකු අද පෙරවරුවේ මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය අසල දී කොටුව මෙහෙයුම් ඒකකයේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ළග තිබී මිටියක් , යකඩ කපන කියතක් හා ඇන ගැලවීම සදහා යොදා ගන්නා යකඩ කැබලි කිහිපයක් ද සොයා ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත. මරදාන හා මහලේකම් කාර්යාලය යන දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ පසුගිය කොරෝනා සමයේ දුම්රිය පීලි සවිවෙන ස්ථානවල ඇති වානේ ඇන 1500 ක් පමණ අදාල සැකකරුවන් ගලවා තිබු බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.

මේ හේතූන් නිසා දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා දුම්රිය මාර්ගයේ ආරක්ෂාව සදහාද දුම්රිය ආරක්ෂක නිලධාරීන්හට රාජකාරී පවරා තිබේ. සැකකරුවන් කුඩු බීමට ඇබ්බැහිවි අති බැවින් දුම්රිය පීලි සම්බන්ධවන ස්ථානවල ඇත ගලවා අලෙවි කිරීමට පුරුදු වී ඇතැයිද සැකකරුගෙන් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි කුඩු බීමට ඇබ්බැහිවු අයකු බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි. විටින් විට දුම්රිය මාර්ගයේ මෙවැනි ආකාරයේ පිලී සම්බන්ධවන ස්ථානවල ඇන ගැලවීමෙන් කිසියම් අයුරකින් හෝ දුම්රියයක් පිලී පැන්නහොත් මගීන් විශාල පිරිසත් දැඩිලෙස අනතුරකට පත්වෙන බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ,දුම්රිය මාර්ග දැඩි ලෙස ආරක්ෂා කිරීමට ලබාදී තිබු උපදෙස් අනුව කළ සෝදිසි මෙහෙයුම් වලදී කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී ප්‍රසංසා විජේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ, උප පරීක්ෂක බී.කේ. සමන් කීර්ති ,සැරයන් වරුන්වන අයි.ඩී .එන්.බණ්ඩාර ,ලලිත් ලොකුවිතාන යන නිලධාරීහු සැකකරුව අත්අඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා කොටුව පොලීසිය වෙත බාරදි තිබේ.

ReeCha