බස්නාහිර පළාත තුළ ගමන් වාර 102 ක් ... .

srilanka kasun chamara tranprost
By Nimal Jul 11, 2021 01:55 PM GMT
Nimal

Nimal

Report

 කාර්යාල බලා ගමන් කරන මගී ජනතාවගේ ගමන් පහසුව සදහා හෙට (12) සිට බස්නාහිර පලාත තුළ පමණක් දුම්රිය ගමන්වාර 102 ක් ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.බස්නාහිර පළාත තුළ ගමන් වාර 102 ක් ... . | Srilanka Transprost

පසුගිය සතියේ දුම්රිය ගමන්වාර 70 ක් ධාවනය කළ අතර මගී ජනතාවගේ ගමන් පහසුව සදහා තවත් ගමන්වාර 32 ක් වැඩි කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ සහ රාගම යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 36 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම, කළුතර දකුණ, පානදුර, මොරටුව සහ ගල්කිස්ස යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 40 ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල, කොස්ගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 10 ක් ද, පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුව යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 16 ක් ද කොළඹ කොටුව හා මරදාන දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.

මීට අමතරව පලාත් අතර දුම්රිය ධාවනයට අවසර නොමැති අතර ඒ ඒ පලාත්වලද සැලසුම් කර ඇති පරිදී අදාල ප්‍රාදේශීය දුම්රිය ගමනාගමන කටයුතු සිදු වෙන බවද ඒ මහතා තව දුරටත් පැවසුවේය.  

ReeCha