දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්ට පත්වීම් ලිපි....
srilanka
gamine lokuge
transprost
By Nimal
දේශපාලන පළිගැනිම් වලට ලක්වීම නිසා සේවය අහිමි වු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් 90 දෙනෙකු ප‍්‍රථම අදියර යටතේ නැවත සේවයේ පිහිටුවා ලීමට අවශ්‍ය පත්වීම් ලිපි ප‍්‍රදානය ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ සහ වාහන නියාමන,බස්රථ ප‍්‍රවාහන සේවා, දුම්රිය මැදිරි , මෝටර් රථ කර්මාන්ත හා ප‍්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම යන මහත්වරුනේගේ ප්‍රධානත්වයෙන් අද නාරාහේන්පපිට ජාතික ගමනා ගමන කොමිෂන් සභා පරිශ‍්‍රයේ සිදු කෙරිණ.
මෙහිදී 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්ව සේවය අහිමි වු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන් හට මෙසේ පත්වීම් ලිපි ප්‍රදානය කිරිමට පියවර ගැනිණ.