තවත් ශ්‍රමිකයන් රට යවන ජාවාරමක්..
ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මගින් මැලේසියාවට යොමුකිරීමේ තවත් ජාවාරමක් අනාවරණය වී තිබෙනවා. ඒ, මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේදී පරික්ෂා කල අවස්ථාවේදීයී.
විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ ඉන් නව දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සහ කර ඇති බවයි.
කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු මෙම පිරිසට අයත් වන අතර ඔවුන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම පිළිබඳ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබෙනවා.
මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
