ගුවන් සමාගම මූල්‍ය අර්බුදයකට...

srilankanguwan SRIlanka asok pathirage
By Nimal Jul 26, 2021 11:14 AM GMT
Nimal

Nimal

Report

කොවිඩ් -19 වසංගතයත් සමඟ ගෝලීය ගුවන් කර්මාන්තය දැඩි ආර්ථික පීඩනයන්ට මුහුණ දී සිටියි. ගුවන් සේවය කෙරෙහි ඇති වන දිගුකාලීන බලපෑම්,සනීපාරක්ෂාව සහ ආරක්‍ෂිත ප්‍රමිතීන් වඩාත් දැඩි ලෙස මතුවෙමින් පවතින අවධියක ශ්‍රී ලංකන් ගුවන් සමාගම මූල්‍ය අර්බුදයකට ද මුහුණ දී සිටී.

මෙවන් අභියෝගාත්මක අවධියක ගුවන් සේවයේ මෙහෙයුම් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සිය සේවකයින් දරන උත්සාහය සහ කැපවීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැසසුමට ලක්කරයි.

තම සාමාජිකයින්ගේ ජීවනෝපායන්ට සහ ගුවන් සේවය කෙරෙහි වන බලපෑම අවම කිරීමට කළමනාකාරීත්වය විසින් ගන්නා ලද පිරිවැය අවම කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව මෙලෙස අදහස් දක්වනු ලබයි. . ගෝලීය වසංගතය හේතුවෙන් 2020 වසරේ දී සහ 2021 වසරේ දී ගුවන් සමාගමක් ලෙස අප දුෂ්කර කාලයකට මුහුණ දී සිටිය ද,සේවකයින් සහ පුද්ගලයන් වශයෙන් මෙවැනි වසංගතයට මුහුණ දීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයින් සතු ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව ඔවුන් අපට පෙන්වා දෙන ලදී.

කොවිඩ් -19 වසංගතයේ තුන්වන රැල්ල සමඟ අපි ජාතියක් ලෙස සටන් වදින අතර, පෙර අවස්ථාවන්ට වඩා මේ අවස්ථාවේදී එයට මුහුණදීම අසීරු වුවද,අපගේ කාර්ය මණ්ඩලයේ ධෛර්යය හා කැපවීම මත එම බරපතල අභියෝගයට සාර්ථකව මුහුණදීමට ද අපට හැකි විය. දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද දෛනික මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කළ අපගේ සේවකයින්ගේ ප්‍රශංසනීය දායකත්වය අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය ඉතා අගය කොට සලකයි.

වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ විදෙස්ගතව සිටින පවුල් වල සාමාජිකයන් සහ මිතුරන් සිය මව් රටේ පිරිස් සමඟ සම්බන්ධ වීමට අපේක්‍ෂා කළද, ගෝලීය වසංගතය සමාජ හැසිරීමට විශාල වශයෙන් බලපා ඇත. සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම තවමත් අවිනිශ්චිතව පවතින අතර, කොරෝනා වෛරස තත්ත්ත්වය අඛණ්ඩව දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් සිටින බව පෙනී යයි. මේ හේතුවෙන් ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය තවදුරටත් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර, සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කිරීම සඳහා බොහෝ රටවල් මෙන්ම අප රට ද මේ වනවිට පියවර ගෙන තිබේ.

සංචාරක ව්‍යාපාරයේ තිරසාර භාවයට සහාය වීම සඳහා සැලසුම් සකස් කිරීම, ඩිජිටල් ක්‍රියාවලි ප්‍රවර්ධනය කිරීම , හරිත සංචාරක පද්ධතියකට මාරුවීම සහ අනාගතය සඳහා සංචාරක කටයුතු පිළිබඳව නැවත සිතා බැලීම මෙයට ඇතුළත් ය. කෙසේ වෙතත්, වසංගතයේ අනපේක්ෂිත භාවය හා අවාසනාවන්ත ලෙස තෙවන රැල්ලක් ඇතිවීම හේතුවෙන්, වර්තමාන තත්ත්වය යථා තත්ත්වයට පත්වන තෙක් සමහර සැලසුම් කල් දැමීමට අපට සිදුවිය.

පවතින ලෝක ස්වභාවය වාසිදායක නොවුනද, ගුවන් සේවය නොනවත්වා තබා ගැනීම සඳහා සියලු ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමට අපි සෑම උත්සාහයක්ම ගෙන ඇත්තෙමු. සෑම ව්‍යාපාර අවස්ථාවක්ම ලබා ගැනීම සඳහා ව්‍යාපාරයේ සෑම කාර්යයක්ම පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීමට පියවර කිහිපයක් අප විසින් හඳුන්වා දී ඇත. වසංගතය විකාශනය වන ස්වාභාවය දැඩි ලෙස නිරීක්ෂණය කරමින්, අපගේ උපාය මාර්ගික සැලසුම් නිරන්තරයෙන් නැවත තක්සේරු කර, ඒ අනුව අපගේ ඉදිරි පියවර සකස් කිරීමට කටයුතු කරන්නෙමු.

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් ගුවන් සේවා කර්මාන්තයේ ධාරිතාව දළ වශයෙන් 60% සිට 80% දක්වා අඩුවී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2020/21 මූල්‍ය වර්ෂය තුළ ආදායම පෙර වසර හා සසඳන විට 70% කින් අඩුවී තිබෙන බවද පැවසුවේය.   

ReeCha