විදේශ රැකියා ජාවාරම් ඉහළට..? තවත් කාන්තාවක් අත්අඩංගුවට..
By Sithumi
මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් විදෙස්ගත කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා එම කාර්යාංශය පැවසුවේ සැකකරුවන් විසින් සංචාරක වීසා යොදාගනිමින් මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් රැගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවයි.
පසුගිය දින කිහිපය තුළ සංචාරක වීසා යොදාගනිමින් විදෙස්ගත වීමට උත්සාහ කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ඇති බව පැවසූ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ අදාළ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.