මහරගමට ජාතික පාසැල් දෙකක්...
රජයේ ජාතික පාසැල් දහසක් ස්ථාපනය කිරීමේ වැඩ සටහන යටතේ මහරගම මැතිවරණ කොට්ඨාශයේ පාසල්දෙකක් ජාතික පාසල් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ නිල ලිපි ප්‍රදානය විදේශ අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක හා මහරගම ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.
ඒ අනුව මෙසේ ජාතික පාසැල් ලෙස ස්ථාපනය කරන ලද්දේ මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලය හා මහරගම ජනාධිපති විද්‍යාලයයි.
මෙහිදී මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ සභාපති චන්ද්‍රා කලංගම මහත්මිය හා ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. වසන්ත කුමාර මහතා විදේශ අමාත්‍යවරයා අතින් නිල ලිපි ප්‍රදානයද සිදු කෙරිණ.
මේ අවස්ථාවට මහරගම ප්‍රාදේශිය ලේකම් දිල්රුක්ෂි වල්පොල සම්බන්ධිකරණ කමිටුවේ උප සභාපති උපාලි කොඩිකාර විද්‍යාල දෙකෙහි ආදිශිෂ්‍යයෝ හා ගුරු භවතුන්ද සහභාගි වී සිටියහ.