වේවැල පසක දමා සුක්කානම අතට ගත් විදුහල්පති

Ministry of Education Texas School Shooting
By Sithumi Jun 27, 2022 05:37 PM GMT
Sithumi

Sithumi

Report

පාසලට පැමිණිමේදී ප්‍රවාහන අපහසුතා ඇති තම පාසලේ දරුවන් පාසල් බස්රථයෙන් ප්‍රවාහනය කර අධ්‍යාපනයේ දෙවීමට මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමිකයේ විදුහල්පති ජේ.කේ චමින්ද ප්‍රියශාන්ත කටයුතු කරයි. බස් රථයේ රියැදුරු ලෙස විදුහල්පතිවරයා කටයුතු කරයි

. ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනපුරා පාසල් වසා දැමීමට කටයුතු කළ අවස්ථාවක තම පාසල වසා දැමීමට කටයුතු නොකළ විදුහල්පතිවරයා ප්‍රවාහන අපහසුතා ඇති දරුවන් විශාල පිරිසක් පාසල් බස් රථයෙන් රැගෙනවිත් පාසල් කටයුතු අවසන් වූ පසු යළි නිවෙස්වලට පාසල් බසයෙන්ම රැගෙන යාමට කටයුතු කරයි පා පැදියෙන් උදෑසන 6.30ට පාසලට පැමිණෙන විදුහල්පතිවරයා ඉන්ධන අර්බුදය පසෙකලා පාසල පෝෂිත ප්‍රදේශය වන මැදිරිගිරිය, නවනගරය, චෛත්‍යපාර, දියසෙන්පුර, 5 ඇළ, පැරකුම්පුර, ට්‍රැක් 9, විජයරාජපුර යන ප්‍රදේශවල දරුවන් පාසල් මේ ආකාරයෙන් පාසලට රැගෙන ඒමට කටයුතු කරනු ලබයි.

විදුහල්පතිවරයා සති තුනක පමණ කාලයක් මෙම කාර්යය නොකඩවා ඉටු කරන අතර ඊට අවශ්‍ය ඉන්ධන මවුපියන්ට හැකි උපරිමයෙන් පාසලට රැගෙන ඒන බව විදුහල්පතිවරයා කියා සිටියේය. 

ඉන්ධන අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල බූ අවස්ථාවක ප්‍රවාහන අපහසුතාවයට පිළියමක් ලෙස විදුහල්පතිවරයා සිය විදුහල ආරම්භ වීමේ වේලාව උදෑසන 8.00 යොදාගෙන ඇත. ඒ අනුව පාසල් බස් රථය විශාල ප්‍රදේශයක ගමන් වාර 3 ක් යටතේ සිදු කිරීමට කටයුතු කරයි.

තවද පාසල නිම වීම 1.30 සිදු කරන අතර 2.30 වන විට පාසලේ සියළුම දරුවන් ආරක්ෂිත ලෙස නිවෙස්වලට ඇරලවීමටද විදුහල්පතිවරයා කටයුතු කරනු ලබයි. දරුවන් පාසලට රැගෙන ඒමට තමන්ට ඇති අපහසුතා සම්බන්ධව මවුපියන් පාසල් සංවර්ධන සමිතියේදී විදුහල්පතිවරයා දැනුම්වත් කර ඇති අතර එහිදි විදුහල්පතිවරයා මෙම තීරණයට එළඹ ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now