පොසොන් පොහොය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සිරකරුවන් 16කට නිදහස

srilanka prison chadana akanayaka
By Nimal Jun 24, 2021 04:35 AM GMT
Nimal

Nimal

Report

පොසොන් පොහොය නිමිතිකරගෙන එයට සමගාමීව දිවයින පුරා නොයෙක් අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවී සිටින සිරකරුවන් 93 දෙනෙකු ජනාධිපති තුමාගේ විශේෂ සමාව යටතේ අනුව අද දිනයේ නිදහස ලබන බව බන්ධනාගාර,  කොමසාරිස් පාලන ,මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ලංකාවේ සෑම බන්ධානාගාරයක් ම ආවනරණය වන පරිදි සිර කරුවන්ගෙන් මෙසේ නිදහස ලබනු ඇත.මෙහිදී ,විශේෂයෙන් එල්.ටී.ටී.එකට සම්බන්ධ සිරිකරුවන් 16 දෙනෙකුට සමාව ලැබෙනවා.

ඹවුන් සිරදඩු වමකට පත්වී සෑහෙන කාලයක් බන්ධනාගාර ගතවු අයයි.අනික් සිරකරුවන් සුළු දඩුවම් ලැබුව අයයි. මෙහිදී එල්.ටී.ටී යට සම්බන්ධ සිරකරුවන් 16 ක් සිටින අතර එයින් 15 දෙනෙකු අනුරාධපුරය බන්ධනාගාරයෙන්ද ,යාපනයේ බන්ධනගාරයෙන් එක් අයකුද මේ අතර වෙයි.

ජනාධිපතිතුමාගේ සංකල්පය කට අනුව බන්ධනාගාර රාජ්‍ය ඇමැති මොහාන් රත්වත්න ,අධිකරණ ඇමති අලි සබ්ලි යන මහත්වරුන් මැදිහත්වී මෙම වැඩ සටහන ක්‍රියාවට නංවා ඇත.ඉදිරියේදී මෙවැනි වැඩසටහන් දියත් කිීරීමට පියවර ගන්නා බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසුවේය.  

ReeCha