එංගලන්තය සහ පාකිස්ථානය අතර තියුණු තරගයක්..

Cricket England Cricket Team Pakistan national cricket team
By Sithumi මාස 9 කට පෙර
Sithumi

Sithumi

Report

 සංචාරක ඵංගලන්ත කණ්ඩායම පලමු ඉනිමට රැස්කළ ලකුණු 657ට පිලිතුරු වශයෙන් පකිස්ථාන කණ්ඩායමලකුණු 499ක් රැස්කරගෙන සිටිනවා. ඵ් අනුව පකිස්ථාන කණ්ඩායම පසුවන්නේ තවත් ලකුණු 158ක් පසුපසින්. 

ඵහෙත් මේ වන විට පකිස්ථාන කණ්ඩායමේ කඩුළු 07ක් දැවී අවසන්. නොදැවී පන්දුවට පහරදෙන අග්හා සල්මන් ලතුණු 10ක් සහ සහීඩ් මොහොමඩ් ඵක් ලකුණක් රැස්කර සිටිනවා. 

නායක බාබර් අසාම් ලකුණු 136ක් , ඉමාම් උල්හක් ලකුණු 121ක් සහ අබ්දුල්ලා ෂෆීක් ලකුණු 114ක් රැස්කිරීමට සමත් වුණා. 

ඵංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී පලමු ඉනිම සදහා ලකුණු 657ක් රැස්කළා. රාවල්පින්ඩිදී දෙරට අතර පැවැත්වෙන පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද නිමාවට පත්වුණේ තුන්වන දිනයයි.