අගමැතිනියටත් විශ්වාසභංගයක්

Report

විපක්‍ෂ අභ්‍යන්තරයේ මේ වන විට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු යැයි කතාබහක් ඇති වී තිබෙනවා.

ජීවිත 21බිලිගනිමින් අඩි 100ට පෙරළුණ බස් රථය ගොඩ ගනී

ජීවිත 21බිලිගනිමින් අඩි 100ට පෙරළුණ බස් රථය ගොඩ ගනී

මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ යුත්තේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රචාරක කටයුතු අවසන් කර ගත වන නිහඬ කාලයේ දී ප්‍රචාරක කටයුතු දිගටම සිදු කිරීමට පාක්‍ෂිකයන් පොළඹවන ලෙසින් ප්‍රසිද්ධියේ ඇය විසින් කළ ප්‍රකාශයට එරෙහිව බව විපක්‍ෂයේ මතයයි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් පවසා සිටියේ විපක්‍ෂයේ සියලු පක්‍ෂ සමඟ මෙන්ම සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු බවයි.

කොටහේනේ දැරියගේ සිදුවීමට අඳාළ ගුරුවරයට දීලා තියෙන්නේ අනිවාර්‍ය නිවාඩු ලු, ඒ කියන්නේ ගෙදර ඉන්නවට වැටුප් ලූ....(VIDEO)

කොටහේනේ දැරියගේ සිදුවීමට අඳාළ ගුරුවරයට දීලා තියෙන්නේ අනිවාර්‍ය නිවාඩු ලු, ඒ කියන්නේ ගෙදර ඉන්නවට වැටුප් ලූ....(VIDEO)

අගමැතිවරිය සිදු කළ එම ප්‍රකාශය හේතුවෙන් මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව සඳහන් වේ.

එසේම පෙර කී ජ්‍යෙෂ්ඨයා තවදුරටත් ප්‍රකාශ කළේ ඇය ඉතා නරක පූර්වාදර්ශයක් එම ප්‍රකාශය තුළින් ලබාදුන් බවයි.