දුප්පත් ජනතාවගේ ආර්ථිකයට මනා පිටුවහලක්...

srilanka politics nimallansa
By Nimal Jul 26, 2021 03:43 AM GMT
Nimal

Nimal

Report

 "ගම සමග පිළිසදර - වැඩ සමග යළි ගමට" වැඩසටහන තුළින් ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමට හා යටිතල පහසුකම් සංවර්ධනයට මනා පිටුවහලක් වී ඇතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

නිමල් ලන්සා ඇමතිවරයා මෙම අදහස් පළකලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීමුරේ පැවති "ගම සමග පිළිසදර - වැඩ සමග යළි ගමට" වැඩසටහනේදී මීමුරේ හා අවට ගම්මාන කිහිපයක ජනතාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සදහා පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගිවු අවස්ථාවේදීය.දුප්පත් ජනතාවගේ ආර්ථිකයට මනා පිටුවහලක්... | Srilanka Political

ඒ අනුව අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සියයට 85 ක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. ජනතාවගෙන් ලැබී තිබූ යෝජනා අතුරින් තවදුරටත් ක්‍රියාත්මක විය යුතු සියයට 15 ක් පමණි.ඒ සදහා යෝජනා වලට අවශ්‍ය විසදුම් ලබා දීම හා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ අංශ වෙත උපදෙස් ලබාදීම මෙහිදී සිදු කරනු ලැබීය. මෙහිදී ප්‍රමාද වී තිබුණු යෝජනා කිහිපයක් සදහා විසදුම් ලබා දීමට කටයුතු කරනු ලැබීය.

ඒ අතර මීමුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් සදහා 1990 ගිලන් රථයක් මීමුරේ පොලිස් මුරපොල වෙත ලබා දීමටත්, ගුරුවරු හා විදුහල්පතිවරුන්ට පවතින අධ්‍යාපනික ගැටළු විසදීම සදහා මිණිපේ හා උඩුදුම්බර අධ්‍යාපන කලාප ඒකාබද්ධ කරන ලෙස කළ යෝජනාවට විසදුමක් ලෙස මිණිපේ හා උඩුදුම්බර කොට්ඨාශ අධ්‍යාපන කලාප ශක්තිමත් කිරීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙනු ලැබීය. හපුගස්කුඹුර - පල්ලෙකන්ද කිලෝමීටර් 9 ක දැනට පවතින මාර්ගය කිසිදු පරිසර හානියක් සිදු නොකර ඒ ආකාරයෙන්ම සංවර්ධනය කරන ලෙසත්, තලගුනේ වසමේ හපුදන්ඩාවල පාලම, පාලම් 5,000 ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලෙස පළාත් මාර්ග අධ්‍යක්ෂක වෙත රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.දුප්පත් ජනතාවගේ ආර්ථිකයට මනා පිටුවහලක්... | Srilanka Political

සුළු වාරිමාර්ග යෝජනා, ඉඩම් බලපත්‍ර ලබාදීම, කුඩා ජල විදුලි බලාගාර, ජල යෝජනා ක්‍රම පිළිබඳව ලැබුණු යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරුණු අතර, එම ඉදිරිපත්ව ඇති යෝජනා කඩිනමින් අවසන් කරන්නැයි අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. ගැටළු කිහිපයකට විසදුම් ලබාදීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාට යොමු කරනු ලැබීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, බන්ධානාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ, ජනාධිපති සහකාර ලේකම් ලක්ෂිකාද සේරම්, ප්‍රාදේශීය ලේකම් සුජානී විජේතුංග යන මහත්ම මහත්මීන් සහ රජයේ නිලධාරීන් ඇතුළු ගම්වාසීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.