නැවේ තිබුනු ප්ලාස්ටික්වලින් ගොඩබිමට ආවේ 40%යි. ඉතිරි 60% ට වෙච්ච දෙයක් නෑ
ගිලුනු එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබුනු භාණ්ඩවල ලැයිස්තුවක් තමන් ලඟ බැවින් ඒවා අපේ රටට පමණක් ගොඩබෑම සඳහා ගෙන ආ ඒවා නොවෙයි. සමහර විට වෙනත් රටවලට අයත් ඒවාත් තියෙන්න ඇති. ඒ ලැයිස්තුව අනුව භාණ්ඩ වර්ග 190කට වැඩි පමණ තිබෙනවා. ඉන් වැඩිහරියක් ප්ලාස්ටික් බව සරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබුනු ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් අපේ වෙරළට ගොඩ ගසා තිබුනා. ඒවා සියල්ලම පාහේ මේ වනවිට අපි බහාළුම් 44ක දමා වත්තල ප්‍රදේශයේ රඳවා තබා තිබෙනවා. මධ්‍යම පරිසර අධීකාරිය පවසන ආකාරයට එම බහාළුම්වල ප්ලාස්ටික් ටොන් 1034ක් අන්තර්ගතව තිබෙනවා.
මේ ප්ලාස්ටික් තොගය සම්බන්ධව සොයා බැලීමක් කළා. මට ලැබුනු තොරතුරු අනුව මෙම නැවේ තිබුනු ප්ලාස්ටික්වලින් ගොඩබිමට පැමිණියේ සියයට 40ක් පමණයි. ඉතිරි සියයට 60ට සිදුවු දෙයක් තවමත් වාර්තා වී නැහැ. මේ සම්බන්ධ විමර්ශන අවසන් නොවුනත් ඇතැම් විට මෙම ප්ලාස්ටික් ගිනි ගෙන විනාශ වෙන්න ඇති. එසේත් නැත්නම් ඒවා මුහුදේ මාලුන්ගේ බඩවල්වල ඇති. එහෙමත් නැත්නම් මුහුදේ දියරැළි සමග වෙනත් ප්‍රදේශවලට පාවී යන්න ඇති.
you may like this video
කොහොම වුනත් මෙතෙක් ලෝකයේ සාගරයට එක්වර වැඩිපුරම ප්ලාස්ටික් එක් වු පළමු අවස්ථාව මෙය බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවා ප්‍රකාශ කර තිබුනා. එමෙන්ම පරිසරවේදීන් ද ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ වනවිට ගොඩබිමට ගසා ගෙන එන ඩොල්පින්, කැස්බෑවුන් වැන් සතුන්ගේ මළ සිරුරු ප්‍රමාණය අනුව ඒවා මේ නැව ගිනිගැනීම නිසා ඇති වු ක්‍රියාවලියක අතුරු ප්‍රතිපලයක් බව පැහැදිළියි. මම ධීවර අමාත්‍යවරයා වශයෙනුත් කටයුතු කර තිබෙනවා.
වාරකන් කාලවල දී මේ ආකාරයට මුහුදු ජීවින් මිය ගිය අවස්ථාවක් කිසි දිනෙක වාර්තා වන්නේ නැහැ. අනික් කාරණය තමයි මෙම සත්ව සිරුරු වැඩිපුරම ගොඩ ගසා තිබෙන්නේ බටහිර මුහුදු වෙරළ තීරයට. ඒ කියන්නේ නැව ගිනිගත් ප්‍රදේශයට සාපේක්ෂවයි. අපේ රටට ගෙන ආ ප්ලාස්ටික් තොගය ඇණවුම් කර තිබෙන්නේ ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් දෙකක්. එම සමාගම්වලට මාස තුනකට අවශ්‍ය ප්‍රමාණය තමයි මෙම නැවේ ගෙනැවිත් තිබෙන්නේ.
මෙවැනි ප්ලාස්ටික් හා පොලිතීන් නිපදවන සමාගම් 10ක් පමණ අපේ රටේ තිබෙනවා. ඒ අනුව මෙම සමාගම් කෙතරම් ප්ලාස්ටික් මේ රටට ආනයනය කරනවාද යන්න සිතා ගත හැකියි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ පසුගිය සතියේ අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනි. මධ්‍යම පරිසර අධිකාරියේ මෙතෙක් වැඩ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විනි.
අපේ රටට ආනයනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනවල වාර්ෂික නිවැරදි දත්ත මෙන්ම පරිසරයට මුදා හරින පොලිතීන් හා ප්ලාස්ටික් පිළීබඳ ලබා ගැනීමේ වැඩ පිළීවෙළක් වහාම අරඹන ලෙස ද අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.
එමෙන්ම දැනට තහනම් කිරීමට යෝජිතව ඇති ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදනවලට විකල්ප වශයෙන් යොදා ගත හැකි නිෂ්පාදන හා ඊට උනන්දුවක් දක්වන ආයෝජකයින් දැනුම්වත් කිරීමට ක්‍රමවත් වැඩ පිළීවෙළක් සකසන ලෙස ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේය. එමෙන්ම මින් වසර කිහිපයකට පෙර එක්තරා ජාත්‍යන්තර සංවිධානයක් විසින් සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව පස්වෙනි ස්ථානයේ පසුවන බවට කර ඇති ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය කුමක්දැයි රටට හෙළි කල යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.