ජගත් පරිසර දිනයට සමගාමීව පිරිසිදු කිරීම් වැඩ සටහන් රැසක් .....

srilanka politics mihinda amarawera
By Nimal Jun 04, 2021 07:25 AM GMT
Report

 ජගත් පරිසර දිනය හෙටට (05) දිනට යෙදී ඇති බැවින් මෙවර ජගත් පරිසර දින තේමාව ලෙස යොදා ගෙන තිබෙන්නේ අපේ පරිසර පද්ධති සුරකිමු Protect our Ecosystem යන්නයි.

නමුත් වර්තමානයේ අපේ රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපිට මහජනතාව එක් රැස් කර දැවැන්ත වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් ජුනි මස 05, හා 06 දෙදින තුළ දීපව්‍යාප්තව නිවාස හා ගෙවතු පිරිසිදු කිරීම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.ජගත් පරිසර දිනයට සමගාමීව පිරිසිදු කිරීම් වැඩ සටහන් රැසක් ..... | Srilanka Political

අද දින (04) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ජගත් පරිසර දිනය සැමරීම සඳහා අපි පුර්ව සැලසුම් සකස් කර තිබුනත් දැන් ඒවා ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නැහැ. එම නිසා අපි තීරණය කළා මේ සම්බන්ධව වැඩ පිළීවෙළක් සකස් කරන්න.දැන් අපේ රටේ බහුතරයක් ජනතාව නිවාස තුළ රැඳී සිටිමින් කාලය ගත කරන අවස්ථාවක්. එම නිසා මෙම මස 05,සහ 06 දිනයන් හිදී ඔබේ නිවෙසේ සිටින සියලු දෙනා එක්වී ඔබගේ ගෙවත්ත, නිවස, මෙන්ම අවට පිරිසිදු කර ගැනීමට කටයුතු කර ගන්න.

මේ දිනවල හැමෝම අවධානය යොමු කර තිබෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය ගැනයි. නමුත් අපි දන්නවා ඒ වගේම වසංගත රෝග තත්ත්වයක් තමයි ඩෙංගු කියන්නේ.පවතින මෝසම් වර්ෂාවත් සමග තව මාස දෙකකින් පමණ ඩෙංගු හිස එසවීමේ අවධානමත් තියෙනවා. කොවිඩ් මදිවට ඩෙංගුත් වැඩි වුනොත් එම තත්ත්වය අපගේ සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරි වේවි. එමනිසා අපි පරිසරයට පැය 48ක් තේමාව යටතේ ''හුස්ම පොදයි පරිසරයයි'' නමින් මෙම දෙදින පරිසර පිරිසිදු කිරිමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

ඒ සඳහා රටේ සියලුම ජනතාවට එක් වන ලෙස අපි ආරාධනය කරනවා. දැනටමත් මාධ්‍ය ආයතන විසින් මේ සඳහා මැදිහත්ව කටයුතු කරන්න ඉදිරිපත් ව සිටිනවා. ඒ අනුව අපි පැයෙන් පැය හොඳම පිරිසිදු කළ ගෙවත්ත තෝරා ඊට රුපියල් 5000ක ත්‍යාගයක් පිරිනමනවා. දරුවන්ට අපි කියන්නේ ඔබේ නිවසේ සිටින වැඩිහිටියන් සමග එකතු වී අවට පිරිසිදු කරන දර්ශන විඩියෝ කරන්න. අපිට ඉන් කොටසක් එවන්න. හොඳම ගෙවත්ත පිරිසිදු කරන ආකාරය තෝරා අපි මෙම ත්‍යාග ලබා දෙනවා. ඒ වගේම සහතිකයකුත් අපි පිරිනමනවා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා-ඇතැම් රෝග ව්‍යාප්තිය සඳහා පරිසර සාධක විශාල බලපෑමක් එල්ල කරනවා. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරද්දී ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා විශාල වැඩ කොටසක් සිදු කළා. ඩෙංගි රෝග තත්ත්වය ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් තමයි ප්ලාස්ටික් උපකරණ භාවිතය. විශේෂයෙන් යෝගට් කෝප්ප. මේවා භාවිතය අවම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අපි සාකච්ඡා කළා. දැන් මට විශේෂ අවස්ථාවක් ලැබී තිබෙනවා මෙවැනි ප්ලාස්ටික් භාජන භාවිතය අවම කිරීම සඳහා යම් යම් පියවර ගැනීමට. පරිසර අමාත්‍යතුමා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ගැසට් නිවේදන පළ කර තිබෙනවා. මෙම පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩ සටහන ඉතාමත් යෝග්‍ය පියවරක්.

මෙහිදී අදහස් පළ කළ ජාතික ඩෙංගු මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා,2020 වන තෙක් ඩෙංගු රෝගයේ යම් වර්ධනයක් සිදු වුනත් එම වසරින් පසුව යම් තරමක අඩුවීමක් තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව තමයි කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රජය විසින් පනවා තිබෙන සංචරණ සීමා හේතුවෙන් මිනිසුන් වැඩි ප්‍රාමණයක් වැඩි කාලයක් තිවෙස් තුළම රැඳී සිටීම. එමනිසා ජනතාව තම පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට කටයුතු කරනවා. 2021 වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ 7000ක් පමණ. ඒ වගේම මරණ සංඛ්‍යාව 05ක්. නමුත් මෙවර මෝසම් වර්ෂාව නිසා ඉදිරි මාස දෙක තුළ ඩෙංගු රෝගයේ ඉහළ යාමක් සිදුවිය හැකියි.