ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි

Report

ත්‍රිරෝද රථ ධාවනය වෙනුවෙන් වන අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට වූ යෝජනාව රජය මෙතෙක් සලකා බලා නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

ඉකුත් දා වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අදහස් දක්වමින් ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ත් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව පවසා තිබුණා.

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

එහෙත් මේ සම්බන්ධව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජය සඳහන් කළේ පාසල් අධ්‍යාපනය අතරමග හැර ගිය පිරිස් හෝ උසස් පෙළින් පසුව අය සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට විවිධාකාර යෝජනා විවිධ ආයතනවලින් සහ විවිධ පුද්ගලයින් වෙතින් ලැබී තිබුණ ද මේ සම්බන්ධව අවසන් තීරණය රජය විසින් ගන්නා බවයි.

"පාසල් අධ්‍යාපනය අතරමග හැර ගියා හෝ උසස් පෙළින් පස්සේ පාසල් අධ්‍යාපනය නැවැත්වූ අය සහ සමහර කොටස් වෙත වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව සහ වෘත්තිය පුහුණුවක් ලබා දීම සම්බන්ධව විවිධ පුද්ගලයින්ගෙන්, විවිධ ආයතනවලින් යෝජනා ඇවිත් තියෙනවා. ඒ සමහර යෝජනා ක්‍රියාත්මක වෙනවා ඔය කියන යෝජනාව තවමත් රජය සලකා බලලා නෑ. විවිධාකාර යෝජනා පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා මේ වැඩපිළිවෙලවල්වලදී ඒ අයට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් රජය තමයි අවසාන වශයෙන් තීන්දු කරනවා මොකක්ද කරන්නේ කියලා. දැනට එහෙම වයස 40ද 50ද 60ද 30 ද කියලා එහෙම තීන්දුවක් රජය අරන් නෑ."

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ