පෙට්‍රල් වෙනුවට මුත්‍රා අලෙවි කළ පුද්ගලයා.. අබුද්ධස්ස කාලේ ඇහෙන කතා.. (VIDEO)

By Sithumi Jun 28, 2022 04:39 PM GMT
Sithumi

Sithumi

Report

මීගමුව තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදිය තල්ලු කරමින් යමින් පුද්ගලයෙකුට පෙට්‍රල් අවශ්‍ය දැයි විමසා රුපියල් දහසක මුදලක් ගෙන මුත්‍රා අලෙවි කළ පුවතක් වාර්තා වනවා.

ලබාගත් පෙට්‍රල් වෙනුවෙන් රුපියල් 5000 යතුරුපැදිකරු විසින් අදාළ පුද්ගලයාට ලබාදී එහි ඉතුරු ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හල වෙත යමින් සිටිය දී හදිසියේ යතුරු පැදිය නතර වීම පිළිබඳ සොයා බැලීමේ දී මෙම තොරතුරු අනාවරණ වී ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ සුළු පෙට්‍රල් ප්‍රමාණයකට මුත්‍රා මිශ්‍ර කර අලෙවි කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now