ඛනිජ තෙල් සංස්ථාවේ ගේමක් ලීක් වෙයි.රහසිගත තොරතුරු රැසක් එළියට......

Report

ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන පිරවුම්හල් වෙතින් අයවිය යුතු රුපියල් බිලියන ගණනක් අහිමි කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවලට අදාළ රහසිගත ලිපිලේඛන පිටපත් අලෙවි අංශයේ ඇතැම් නිලධාරින් විසින් පිරවුම්හල් හිමියන්ට ලබාදී ඇතැයි හෙළිවී තිබේ.

වාහන ආනයනය සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගන්න යන අලුත්ම තීරණය මෙන්න..

වාහන ආනයනය සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගන්න යන අලුත්ම තීරණය මෙන්න..


 ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන නීති නිලධාරිනිය මේ බව හෙළිකර ඇත්තේ මාසික උපයෝගිතා ගාස්තු අය කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කළ ධම්මික මුතුගලගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව තුළිණි.

සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සංස්ථාවෙන් වැටුප් හා දීමනා ලබමින් සේවය කර ඇත්තේ බෙදුම්හල් හිමියන් වෙනුවෙන් යැයි මෙම කමිටුව පෙන්වා දී තිබේ.

රුපියල් බිලියන ගණනක් සංස්ථාවට අයවිය යුතුව තිබියදී සංස්ථාවට එරෙහිව නඩු පැවරූ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට නඩු කටයුතු සඳහා අලෙවි අංශයේ ලිපි ගොනුවල පිටපත් ලබාදී ඇතැයි හෙළිවී ඇත.

පාස්පෝට් එක ගන්න පෝලිමේ ඉන්න එකටත් රුපියල් 5000ක් ඉල්ලයි..මේ ගැන හැමෝම දැනුවත් වන්න.

පාස්පෝට් එක ගන්න පෝලිමේ ඉන්න එකටත් රුපියල් 5000ක් ඉල්ලයි..මේ ගැන හැමෝම දැනුවත් වන්න.


මෙමගින් තමන් සේවය කරන ආයතනයට ලැබිය යුතු ආදායම් අහිමි කිරීමට අලෙවි අංශයේ නිලධාරීන් කටයුතු කර ඇතැයි මෙම කමිටුව හෙළි කරගෙන ඇති බවට වාර්තා වේ.

ඛනිජ තෙල් සංස්ථාව වෙත අයිති බෙදුම්කරුවන්ට ලබාදුන් පිරවුම්හල්වලින් මාසික උපයෝගිතා ගාස්තුව (Monthly Utility Fees-MUF) ලෙස අයකර ගැනීමට ඇති රුපියල් බිලියන ගණනක් අහිමි කිරීමට එරෙහිව මෙහිදී විමර්ශන පැවැත්විණි.