යාපනය කුසුමන්තුරෙයි වෙරළේ නාවික හමුදා මෙහෙයුමක් - මත්ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් නාවික හමුදා භාරයට
උතුරු වෙරළ තීරයේ අද (27) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු සහ ජාවාරමට යොදාගත් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
උතුරු නාවික විධානයට අයත් අංශ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘අග්බෝ’ ආයතනයේ නිලධාරීන් එකාබද්ධව යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වර්ගය සහ ප්‍රමාණය තහවුරු කරගැනීම සඳහා නාවික හමුදාව මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමට නියමිතය.