පාස්පෝට් එක ගන්න පෝලිමේ ඉන්න එකටත් රුපියල් 5000ක් ඉල්ලයි..මේ ගැන හැමෝම දැනුවත් වන්න.

Sri Lanka Passport AKD
By Aruna Nov 03, 2024 02:35 AM GMT
Aruna

Aruna

Report

ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල් 5000ක් අය කරන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

දෛනිකව 2000 කට ආසන්න සංඛ්‍යාවක් එම ස්ථානයේ පෝලිම් ගැසෙන අතර බොහෝ විට ඉදිරි දිනයක් ලබා ගැනීම සඳහා ටෝකන් පතක් ලැබෙන්නේ 1000 කට ආසන්න පිරිසකටවීම මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ඒ අනුව, එම පිරිස තුළට ඇතුළු කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් රුපියල් 5000 ක මුදලක් ලබාගන්නා බවටයි වාර්තා වන්නේ.

ඇතැම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පාන්දර සිට පෝලිමේ සිටුවා ස්ථානයක් අල්ලාගන්නා මෙම ජාවාරම්කරුවන් දහවල් කාලයේදී එම ස්ථානය 5000 කට විකුණන බවද තොරතුරු වාර්තා වනවා.

ReeCha