ජන්දේ කල් යයිද.. පනතක් පාර්ලිමේන්තුවට

Parliament of Sri Lanka Sri Lanka
By Sithumi Jan 17, 2023 03:06 PM GMT
Sithumi

Sithumi

Report

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත ඉල්ලා අස්කර ගන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබෙනවා.

   ‘බ්‍රහස්පතින්දා ගේන පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත පිළිබඳව පක්ෂ නායක හමුවේදි සාකච්ඡා කරපු වෙලාවේ මේ පනත ඉල්ලා අස්කර ගන්න කියලා මමත් අනුර කුමාර දිසානායක මැතිතුමාත් ඉල්ලීමක් කළා.  

මැතිවරණයක් පවත්වන්න තියෙන වෙලාවක මේ වගේ පනත් ගෙනල්ලා අවුලක් ඇති කරන්න යම් යම් අය උත්සාහ ගන්නවා.ඒ අවස්ථාවේදී සභානායකතුමා කිව්වා උපදේශක සභාවට ගිහිල්ලා අන්තර්කාලීන යෝජනාවක් වශයෙන් වගන්තියක් දාන්න කියලා පළාත් පාලන මැතිවරණයට මේ පනත බලපාන්නේ නෑ කියලා.

අද අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා.අපේ යෝජනාවට යම්කිසි සහයෝගයක් සභානායකතුමාගේන් බලාපොරොත්තු වෙනවා.ඒ කියන්නේ මේ මැතිවරණයට බ්‍රහස්පතින්දා ගේන බලපාන්නෙ නෑ කියලා වගන්තියක්’