මැල්සිරිපුර ගොවීන්ගේ සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරීයාගේ වැඩ තහනම්
මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙම නිලධාරියා විසින් රජය මගින් නොමිලයේ ලබා දෙන සහනාධාර ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී නොමැති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ.
අදාළ නිලධාරියාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ගොවි නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි.
මෙම නිලධාරියාගේ ක්‍රියාව හේතුවෙන් මැල්සිරිපුර රඹේ ප්‍රදේශයේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය විසින් ලබා දුන් රුපියල් 10,000 හා 20,000 දීමනාව අහිමි වී තිබෙනවා.
එමෙන්ම දැනට නොමිලයේ නිකුත් කරන මඩ පොහොර හා චීන රජය විසින් ලබා දුන් ඉන්ධන සහනාධාරය ද ඇතුළු සහනාධාර රැසක් එම ගොවි ජනතාවට අහිමි වී ඇති බව සඳහන් වනවා.
