රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව හැකර්වරුන්ගේ ග්‍රහණයට

By Sithumi Jun 30, 2023 06:05 PM GMT
Sithumi

Sithumi

Report

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින අතර රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති මෙම නිල ෆේස් බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා.

තවද එම නිවේදනය මගින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල ෆේස් බුක් පිටුව වෙත පිවිසෙන පරිශිලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පල කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින්.