ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජපානය සමග පැවති සාකච්ඡා මේ වනවිට අවසන්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, චීන EXIM බැංකුව මේ සතිය තුළ සාකච්ඡා පැවැත්වූ අතර , ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මේ මස 19 වනදා ලංකාවට පැමිණීමට නියමිත බව ද සඳහන් කර තිබේ.
ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරන බවත් පියවරෙන් පියවර එම කටයුතු ඉදිරියට සිදුකෙරෙන බවත් ඒ අනුව මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.
වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2024 වසරේ එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළා.
රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යමින් ජනතාවට සහන සැලසීමට නම් රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද ශක්තිමත් විය යතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර අද ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට ද කටයුතු කරන බව පැවසුවා.
සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා