දරුවෝ පස් දෙනෙක්ටම කන්න දෙන්නේ මේ සොච්චමින්.. හැම තැනම දකින නාටාමිවරුන්ගේ සංවේදි ඉරණම..(VIDEO)

By Sithumi Jun 19, 2023 02:53 PM GMT
Report


කොළඹ තොග වෙළඳාමේ කේන්ද්‍රීය ශ්‍රම සම්පතක් වශයෙන් නාටාමි කම්කරුවන් හැදින්විය හැකියි. කොටුව සහ පිටකොටුව තොග වෙළදාම ආශ්‍රිතව දෛනිකව සේවය කරන නාටාමි කම්කරුවන් ප්‍රමාණය එක්දහස් පන්සියයකට ආසන්නයි. දිවයින පුරා බෙදා හැරෙන තොග භාණ්ඩ කන්ටේනර් වලට පැටවීම ප්‍රවාහනය ආදිය දිවා රාත්‍රී දෙකෙහිදීම මොවුන් විසින් සිදුකරනවා

. නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ තමන්ට ලැබෙන සුළු මුදලින් ජීවිකාව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් අද උදාවී ඇතැයි ඔවුන් මැසිවිලි නඟන අතර භාණ්ඩ මිල ඉහළ ගියත් තමන්ට දෛනිකව ලැබෙන කුළී ආදායම ඉහළ නොයාම නිසා ජීවත්වීම අර්බුදයක් බවට පත්ව ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොළොන්නාව, ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභීන් වන මොවුන් අලුයට සිට මධ්‍යම රාත්‍රිය දක්වා කුළී පදනම මත කයි කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරනවා.

ඔවුන්ට ගෙවීම් ලැබෙනුයේ ප්‍රවාහනය කරන කෑලි ගාණටය. ව්‍යාපාරික ස්ථානවල භාණ්ඩ තවත් ව්‍යාපාරික ස්ථානයකට හෝ ලොරියක් කරා ප්‍රවාහන කිරීම මොවුන්ගේ ප්‍රධාන රාජකාරිය වන අතර දුර හා ගෝනිවල බර අනුව කරන ගෙවීම් වෙන්ස් වනවා.

එක් කොටසකට රුපියල් 15 සිට 30 දක්වා ගෙවීම් හිමිවන බව කම්කරුවන් පවසන්නේ. මේ දුක්බර වීඩියෝව පහතින් බලන්න.