මෙරටට සහය දෙන්න සූදානම්... ඉන්දීය විදේශ කටයුතු ඇමති කියයි

By Sithumi Aug 19, 2022 10:53 AM GMT
Sithumi

Sithumi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ඉන්දියාව ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්.ජයිශංකර් මහතා තායිලන්තයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව 'ද හින්දු' පුවත් පත වාර්තා කළේය.

එහිදී ඉන්දියාවේ උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවට සහාය වී තිබෙන බවත් මේ වසරේ පමණක් ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.8 ක සහායක් ලබා දී තිබෙන බවත් ජයිශංකර් මහතා පෙන්වා දුන්නේය.

ඉන්දියාව සහ චීනය අතර සබඳතාවය අතිශය දුෂ්කර අවධියක් ගෙවමින් සිටින බවත් ඉන්දියාව සහ චීනය අත්වැල් බැඳ ගැනීම ශ්‍රී ලංකාවේ යහපතට පමණක් නොව එය චීනයේ මෙන්ම ඉන්දියාවේ යහපතටද හේතු වන බවත් ජයිශංකර් මහතා මාධ්‍ය හමුවේදී පැවසුවේය.