දක්ෂිණ අදි වේගි මාර්ගයේ රිය අනතුරක්..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙන අතර අද (01) දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8.7 වීදියගොඩ ප්‍රදේශයේදී එම අනතුර සිදුවී තිබුණා.
මාතර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස වෛද්‍යවරයා පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා. කරාපිටිය රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලැබ සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටියදී වෛද්‍යවරයා මෙම අනතුරට ලක්වී ඇතැයි පොලීසිය පැවසුවා.
අනතුර සම්බන්ධයෙන් වාර්තා වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලනිගම පොලීසියේ නිලධාරීන් සහ ගිනිනිවීමේ හා ජීවිත ගලවාගැනීමේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තුවාල ලබා සිටි වෛද්‍යවරයාට මූලික ප්‍රතිකාර ලබාදී තිබෙන අතර අදාළ අනතුරින මෝටර් රථය දැඩි අලාභහානී සිදුවී තිබෙනවා.
මෝටර් රථය පැදවූ වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් එම අනතුර වන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)