කොවිඩ් මරණ අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්....
අවුරුදු 2 ට අඩු දරුවන් හා වයස අවුරුදු 65 ට වැඩි කොවිඩ් රෝගය වැලදුනු පිරිස් ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කෙරෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ගතයතු ඉදිරි ක්‍රියාමාර්ග හා දැනට පවතින තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශය නිලධාරීන් සමග මීගමුව නගර සභාවේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්වු අවස්ථාවේදීය
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ කොවිඩ් මරණ අනුපාතය අවම කර ගැනීම සඳහාත්, කොවිඩ් 19 වසංගතය පැතිර යාම පාලනය සඳහා සිදු කරනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ ය. ඒ අනුව වයස අවුරුදු 65 ට වැඩි පිරිස් විවිධ රෝගාබාධ වලින් පෙලන බැවින් ඔවුන් නිවෙස් වල නිරෝධායනය වීමේදී හෝ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදයන්හි පවතින අඩුපාඩු මඟ හරවමින් ඔවුනට නිසි ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් සදහා එම පිරිස් අතරමැදි නිරෝධායන මධ්‍යස්ථාන හෝ රෝහල් වෙත කඩිනමින් යොමු කිරීමට මෙහිදී තීරණය විය.
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙහි පැය 24 තුළ ක්‍රියාත්මකවන කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානයට ලැබෙන තොරතුරු අතුරින් වයස අවුරුදු 65 ට වැඩි පිරිස් හදුනාගෙන කඩිනමින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ අතරමැදි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමේ වැඩපිළිවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආරක්ෂක අංශ හා අදාළ ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ඇත. වයස අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම හා නිවෙස් වලට ගොස් අදාළ එන්නත් ලබාදීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීමට මෙහිදී තීරණය විය. ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මීගමුව නගර සභාව හරහා ලබා දීමට අවශ්‍ය කටයුතු සකස් කරනු ලැබීය.
මීගමුව නගරාධිපති දයාන් ලාන්සා, මීගමුව රෝහලේ අධ්‍යක්ෂක නිර්මලා ලෝගනාදන්, ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් රෝගීන් ප්‍රවාහන සම්බන්ධීකාරක චින්තන ලියනගේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තා ජයසිංහ, වෛද්‍ය රවී සිල්වා, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමීර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම් අයේෂා උදයන්ති පතිරණ, සහකාර පොලිස් අධිකාරි නාලක, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුඩ්ලර් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |