ඖෂධ නිෂ්පාදනයට ආයෝජකයන්ට පහසුකම් ...

srilanka health keheliya rabukwella
By Nimal Aug 24, 2021 12:39 PM GMT
Nimal

Nimal

Report

 මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපයීම රජයට උපරිමයෙන් කළහැකි බැවින් එවැනි ආයෝජකයින් යොදා ගනිමින් කඩිනමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කළේය.ඖෂධ නිෂ්පාදනයට ආයෝජකයන්ට  පහසුකම්  ... | Srilanka Health

ඒ සඳහා නිසි මිලදී ගැනීමේ සහතිකයක් ලබාදීමට හැකි බවත්, එමගින් කලාපීය රටවලට පහසුවෙන්ම ඖෂධ අපනයනයද කළහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය සමඟ සිය අමාත්‍යාංශයේදී අද (24) පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීය.

මෙරටට ආනයනය කරන ඖෂධ අත්‍යවශ්‍ය ප්‍රදේශ කරා කඩිනමින් බෙදාහැරීම කෙරෙහි මූලික අවධානය යොමු කළයුතු බවත්, ඒ වෙනුවෙන් ඖෂධ ආනයනකරුවන් ලෙස එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඉටු කරන කාර්යභාරය අතිශය වැදගත් බවත් රඹුක්වැල්ල මහතා කීය. ක්ෂේත්‍රයේ පවතින තාක්ෂණික හා පරිගණක ගැටලු කඩිනමින් විසඳා ගනිමින් එම පද්ධතීන් නිසිලෙස යාවත්කාලීන කිරීමට පියවර ගැනෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඖෂධ ගෙන්වීම,බෙදාහැරීම,අලෙවි කිරීම තුළින් යම් වාසියක් එම ක්ෂේත්‍රයේ පිරිස් සඳහා අත්වන්නේ නම් මේ මොහොතේ එහි උපරිම සහනය ජනතාව වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. ඖෂධ සඳහා ගැසට් නිවේදනයක් මගින් මිල පාලනයක් ගෙන එනු ලැබූවද ඉදිරියේදී මිල ක්‍රමවේදයක් සකස් වියයුතු බවට මෙහිදී ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය අමාත්‍යවරාට යෝජනා කළ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියේ දී මුදල් ගෙවීම් සඳහා වන ක්‍රමවේදය නිසි වැඩපිළිවෙළක් යටතේ සකස් වියයුතු බව ඇතුළු යෝජනා සහ ගැටලු කිහිපයක් මෙම සංසදය මෙහිදී අමාත්‍යවරයාට යොමු කළේය.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදන,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද, ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති සංජීව විජේසේකර මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now