කළුබෝවිල රෝහලට මිලියන ගණනක වෛද්‍ය උපකරණ

srilanka health sudarsane prenanadu pulle
By Nimal Aug 19, 2021 04:57 AM GMT
Nimal

Nimal

Report


කෝවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි පීඩාවකට පත්ව ඇති මෙවැනි මොහොතක විශේෂයෙන් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයන අවස්ථාවක අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් ලබාදීම ඇතුළුව අත්‍යවශ්‍ය ප්‍රතිකාර කිරීමට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක්ව ජපානයේ රෝටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමයෙන් රුපියල් මිලියන 3.26ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) වෙත පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.කළුබෝවිල රෝහලට මිලියන ගණනක  වෛද්‍ය උපකරණ | Srilanka Health

ජපන් යෙන් 1,816,000ක් හෙවත් රුපියල් මිලියන 3.26ක් වටිනා මෙම වෛද්‍ය උපකරණ සදහා නවීනතම සීපැප් වෙන්ටිලේටර් යන්ත්‍රයක්, නේසල් ඔක්සිජන් තෙරපි යන්ත්‍රයක් සහ නවීනතම මල්ටිපැරා මොනිටර් යන්ත්‍රයක් ඇතුළත්විය. මෙම උපකරණ භාරගැනීම සදහා කළුබෝවිල රෝහල වෙනුවෙන් වෛද්‍ය වරුණි සමරනායක මහත්මිය එක්ව සිටියාය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ අද විශාල වශයෙන් රෝහල්වල තදබදයක් පවතින අවස්ථාවක සංකූලතා වැඩි රෝගීන් ඇතුළත් කිරීම් වැඩිවෙලා තිබෙන බවත් ඔක්සිජන් අවශ්‍යතාවද වැඩිවී ඇති අවස්ථාවක රෝටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමය රෝහල් පද්ධතියට උපකාර කිරීමට ඉදිරිපත්ව ඇති බවත් ඉතාම අත්‍යවශ්‍ය මොහොතක කළුබෝවිල රෝහලට ලබාදෙන මෙම පරිත්‍යාගය ඉතාම වටින කටයුත්තක් ලෙස තමන් සලකන බවයි.

රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටුකිරීමට මේ ආකාරයෙන් ඉදිරියට පැමිණීම පිළීබදව රජය වෙනුවෙන් තමන් ස්තූතිය පුදකර සිටින බවත් මේ පරිත්‍යාගය හරහා කළුබෝවිල රෝහලටත්, ඒවගේම මෙවැනි දානපතියන් හරහා ලැබෙන අනෙකුත් උපකරණ සියල්ලම හේතුවෙන් කෝවිඩ් වසංගතයෙන් පීඩා විදින සංකූලතා තියෙන ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට රෝහල් පද්ධතියට හැකියාව ලැබෙන බව තමන් විස්වාසකරන බවත් අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි.

කළුබෝවිල රෝහල වෙනුවෙන් වෛද්‍ය වරුණි සමරනායක මහත්මිය මෙහිදී සිය ස්තුතිය පුදකල අතර පරිත්‍යාගය සිදුකළ රෝටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් එහි ලේකම් ආචාර්ය රොහාන් සමරසිංහ මහතාද අදහස් ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාවට රෝටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් ප්‍රියන්ත ප්‍රනාන්දුපුල්ලේ මහතා සහ වෛද්‍ය දීපා ගුණසේකර මහත්මිය එක්ව සිටියහ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... J
join now