වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් 85%කට ...

srilanka health presanna ranatunga
By Nimal Jul 25, 2021 07:09 AM GMT
Nimal

Nimal

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් 85%කට පමණ කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් දෙවන මාත්‍රාව ද කඩිනමින් ගම්පහ දිස්ත්‍රික්කයට ලබාදීමට අපේක්ෂා කරන බවයි.වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් 85%කට ... | Srilanka Health

සෞඛ්‍ය අංශ වාර්තා අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහණයෙන් වයස අවුරුදු 30 ට වැඩි 1,216,088 දෙනෙකුට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව 1,686,381 කි. ඉන් 1,302,279 ක් වයස අවුරුදු 30 ට වැඩි අය බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ 261,116 කට කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දී ඇති අතර 20,225 කට එහි දෙවන මාත්‍රාව ද ලබා දී තිබේ. සයිනොෆාම් එන්නත දෙවන මාත්‍රාව ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 267,444 කට ලබා දී ඇතැයි ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෑතක දී දිවයිනට ලැබූණු සයිනොෆාම් එන්නත් ලක්ෂ 20 න් ලක්ෂ 05 ක් ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් කෙරුණු අතර ඊයේ වන විට ඉන් 465,093 ක් එන්නත්කරණය කර ඇත. පසුගිය 13 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කය තුළ පුද්ගලයන් 65,319 දෙනෙකු එන්නත්කරණයට ලක් කළ අතර එය මෑත කාලීනව දිස්ත්‍රික්කයේ එක් දිනක දී සිදු වුණ වැඩිම එන්නත්කරණ සංඛ්‍යාවයි. ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රිකක්යේ 22,036 දෙනෙකුට සයිනොෆාම් එන්නත ලබා දුන් බව ද සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් අසාදිත සංඛ්‍යාව 52,000 ක් ඉක්මවා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි නිදහස් වෙළද කළාප ආශ්‍රිත කර්මාන්තශාලාවල සහ ඉන් බාහිර කර්මාන්තශාලවල සේවය කරන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් එන්නත් කිරීමද මේ වන විට සිදුවේ. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙ වෙසෙන විශ්ව විද්‍යාල සිසුන් සහ පෙර පාසල් ගුරුවරුන් සදහා ද එන්නත් ලබාදීමේ දී ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු යොදා තිබේ.